උද්දක රාමපුත්‍රයන්ගෙන් සමුගත් මහබෝසතානන් වහන්සේ නැවතත් තමන් වහන්සේ සොයන්නා වූ නිවණ සොයා මහමගට බට සේක. මගධ ප්‍රාන්තය පුරා සැරිසරා උන්වහන්සේ උරුවේල ජනපදයේ පිහිටි සේනානී ගම්මානය වෙත ලඟා වූ සේක. ඒ ගම්මානයෙන් ඔබ්බෙහි වැලිතල අතරෙන් ගලා බස්නා සුන්දර වූ නොගැඹුරු නේරංජනා ගංගාවත්, මනරම් නිසල වන පෙදෙසත් උන්වහන්සේගේ සිත් ඇදගත්තේය. අසල ඇති සේනානි ගමෙන් පිඬුසිඟා ලබා ගත හැකි බවත් උන්වහන්සේට වැටහුන සේක.
ඉතා උතුම් වූ නිර්මල දහමක් දේශනා කල අපේ ගෞතම බුදු සමිඳුන්, ලෝ වැස්සන්ගේ යහපත පිණිස බුද්ධත්වය ලබා ගැනීමට ගත කල ජීවිතය පිලිබඳව උන්වහන්සේගේම වචන වලින් ශ්‍රවණය කිරීම සාරාංශයක් කියවීමට වඩා උචිත බැවින් උන්වහන්සේගේ වචන සඳහන් සූත්‍ර පිටකයේ සූත්‍ර අතුරෙන් උපුටා ගත් උන්වහන්සේගේම වචන අඩංගු ලියැවිලි මෙහි සඳහන්ව ඇත. බුද්ධ වචනයම ශ්‍රවනය කිරීමට තරම් අපි භාග්‍යවන්ත වෙමු. ක්ෂණ සම්පත්තිය ඔබ සඳහා විවෘතව ඇත. එය වැළඳ ගන්න.
බුද්ධත්වයෙන් පසු බුදුරජානන්වහන්සේ මෙසේ වදාල සේක.
"..... මේ බිම් පෙදෙස ඉතා දැකුම් කලුය. වැලිතල අතරින් ගලාබස්නා නොගැඹුරු දියෙන් යුතු ගංගාව සුන්දරය. මා සොයන්නා වූ නිවණ ලබා ගැනීමට මේ පෙදෙස කදිමය. ලඟ ඇති ගම්මානයෙන් මට පිඬු සිඟා ලබාගත හැක............" (අරියපරියේසන සූත්‍රය මජ්ජිම නිකාය; නො: 26; පලමුවැනි කාණ්ඩය; 16 වැනි පිටුව).
උන්වහන්සේගේ සිතැඟි පරිද්දෙන්, ඒ ස්ථානයේ නැවතී බවුන් වැඩීමට ඉටා ගත් සේක. කොණ්ඩඤ්ඤ, භද්දිය, වප්ප, මහානාම සහ අස්සජි නම් වූ පස්වග තවුසන්ද මහ බෝසතානන් සමග ප්‍රථම වරට එක්වූයේ මෙතැනදීය. බුදු සමයයේදී යාග, හෝම, පුද පූජා, සත්ව හා මිනිස් බිලි පූජා ආදී පූජාවන්ට ඉන්දීය සමාජයෙන් ලැබුණේ ඉතා ප්‍රමුඛ ස්ථානයකි. 'ගැලවීමක්' ලබා ගත හැක්කේ ශරීරයට වද හිංසා පමුණුවා 'පව් ගෙවා දැමීමෙන්' පමණක් බවට සමාජයේ පැවති විශ්වාසය ඉතාමත්ම බලවත් විය. කිසිම ගුරුවරයෙක් නොමැතිව නිවණ සොයා මහ මඟට බට මහබෝසතානන්ටද මේ විශ්වාස, ඇදහිලි සෑහෙන දුරට බලපෑවේය. මේ නිසාම මහබෝසතානන් වහන්සේටද සය අවුරුද්දක් සිරුරට වද හිංසා පමුණුවා ගනිමින් දුශ්කර ක්‍රියා කිරීමට සිදුවිය.
මහබෝසතානන් වහන්සේ තමන් වහන්සේ විසින් කරන ලද දුශ්කර ක්‍රියා බුද්ධත්වයෙන් පසු දේශනා කරන ලද මහාසච්චක සූත්‍රයේ (මහා සච්චක සූත්‍රය ;මජ්ජිම නිකාය 1.4.6. )මෙසේ දක්වා ඇත
“………….. පින්වත් අග්ගිවෙස්සන, එතකොට මට මෙහෙම හිතුනා. යටිදතෙන් උඩුදත තද කරල හිට, දිවෙන් තල්ල තද කරගෙන, මං කුසල් සිතින් අකුසල් සිත පෙළන්න ඕන, බලවත්ව පෙළන්න ඕන, බලවත්ව තවන්න ඕන කියල. එතකොට පින්වත් අග්ගිවෙස්සන, මං යටිදතෙන් උඩුදත තද කරගෙන හිට, දිවෙන් තල්ල තද කරගෙන කුසල් සිතින් අකුසල් සිත පෙළනවා. තදින් තවනවා. පින්වත් අග්ගිවෙස්සන, මං ඒ විදිහට යටිදතෙන් උඩුදත තද කරගෙන, දිවෙන් තල්ල තද කරගෙන, කුසල් සිතින් අකුසල් සිත පෙළන කොට, තදින් ම පෙළන කොට, තදින් ම තවන කොට මගේ කිහිලිවලින් දාඩිය වැගිරෙන්න පටන් ගත්තා……”
“…..පින්වත් අග්ගිවෙස්සන, එතකොට මට මෙහෙම හිතුනා. එහෙම නම් දැන් මම ‛අප්‍රාණක ධ්‍යානය’ වඩන්න ඕන කියල. පින්වත් අග්ගිවෙස්සන, ඒ කියන්නෙ, මං කටින්වත්, නහයෙන්වත්, ආශ්වාස ප්‍රශ්වාස කරන්නෙ නැතුව හිටියා. එතකොට පින්වත් අග්ගිවෙස්සන, මගේ කටිනුත්, නාසයෙනුත් ආශ්වාස ප්‍රශ්වාස නො කර ඉන්න කොට කණ්වලින් හුළං පිටවෙනවා වගේ මහා සද්දයක් ඇහුනා. ඒක හරියට කම්මල්කරුවෙක්, මයිනහමකින් පිඹින කොට එන සද්දෙ වගේ මහා ලොකු සද්දයක්. පින්වත් අග්ගිවෙස්සන, අන්න ඒ විදියමයි මං කටිනුත්, නාසයෙනුත් හුස්ම ගැනීම හෙළීම නවත්වල දැම්මා ම, කණ්වලින් මහා සද්දෙකින් හුළං පිටවුනා. පින්වත් අග්ගිවෙස්සන, ඒත් මගේ පටන් ගත්තු වීරිය එහෙම්ම ම තිබුනා. සිත හැකිළුනේ නෑ. සිහිය පිහිටියා. මුළා වුනේ නෑ. ඒත් ඒ විදිහට දුක් විඳගෙන කරන වීරියෙන් කයට පහර වදින කොට මගේ කයට නම් ලොකු මහන්සියක් දැනුනා. සංසිඳුනෙ නෑ. පින්වත් අග්ගිවෙස්සන, ඒ විදිහේ වේදනාවකින්වත් මේ හිත යටපත් කරන්න බැරි වුනා…………”
මහ බෝසතානන් වහන්සේ ඊට පසු ආහාර ගැනීම පිලිබඳව සලකා බැලූ සේක.
“….. පින්වත් අග්ගිවෙස්සන, එතකොට මට මෙහෙම හිතුනා. ‛ඔය ආහාර ටික ටික, මිට ගානෙ වගේ දානෙ ගන්න ඕන කියලා. මුං ඇට වතුර, කොල්ලු වතුර, කඩල වතුර, මෑ ඇට වතුර වගේ දේවල් ටික, ටික ගන්න ඕන’ කියල හිතුනා. පින්වත් අග්ගිවෙස්සන, ඉතින් මම මුං ඇට වතුර ටිකක් හරි, කොල්ලු වතුර ටිකක් හරි, කඩල වතුර ටිකක් හරි, මෑ ඇට වතුර ටිකක් වගේ පින්වත් අග්ගිවෙස්සන, ඔය විදිහට ආහාර ඩිංගිත්තක් ගන්න පටන් ගත්තා. පින්වත් අග්ගිවෙස්සන, මුං ඇට වතුර ටිකක්, කොල්ලු වතුර ටිකක්, මෑ ඇට වතුර ටිකක් වගේ ආහාර ඩිංගිත්තක් ගන්න පටන් ගත්තා ම මගේ ඇඟ පත හොඳට ම කෙට්ටු වෙන්න පටන් ගත්තා. මගෙ අතපය ආසීතික කියන වැල් පුරුක් වගේ වුනා. කළු වැල් පුරුක් වගේ වුනා. ආහාර අඩුකමින් ම යි එහෙම වුනේ. මගේ තට්ටම ඔටුවෙකු ගේ පා සටහනක් වගේ වුනා. ආහාර අඩුකම නිසා ම යි එහෙම වුනේ. ඒ වගේ ම මගේ කොඳු ඇට පේළිය වට්ටනාවලී කියන වැල වගේ උස් පහත් වුනා. ආහාර අඩුකමින් ම යි එහෙම වුනේ. ඒ වගේ ම හොඳට ම දිරපු ශාලාවක වහලෙ පරාල තියෙන්නෙත් එහාට මෙහාට උස් පහත් වෙලා. ආහාර අඩුවෙන් ගැනීම කොච්චර ද කිව්වොත් මගේ පපුවෙ ඇට ටික පෙනුනෙත් ඒ වගේ ම යි. ඒ වගේ ම ගැඹුරු ළිඳක් තියෙනවා කියල හිතන්න. ඒ ළිඳ කොච්චර ගැඹුරු ද කිව්වොත් වතුර ටික යාන්තමට දිලිසෙනවා පේනවා. ඔය විදිහට මගේ ඇස් දෙක ඇස්වලේ යටට ම ගිලිල යාන්තමට දිළිසුනා. ආහාරපාන අඩුවෙන් ගත්තු නිසා ම යි ඒ විදිහට වුනේ. මගේ හිසේ හම මැලවිල, රැලි වැටිල ගියේ හරියට අමුවෙන් කඩලා, අව්වට වේලල, මැලවිලා ගිය ලබු ගෙඩියක් වගෙයි. ආහාර අඩුවෙන් ගත්තු නිසා ම යි එහෙම වුනේ….”
“….ඉතින් පින්වත් අග්ගිවෙස්සන, මං බඩේ හම අතින් පිරිමදින කොට, කොඳු ඇට පේළිය අතට අහුවෙනවා. කොඳු ඇට පේළිය පිරිමදින කොට බඩේ හම තමයි අතට අහුවුනේ. පින්වත් අග්ගිවෙස්සන, ආහාර පාන අඩුවෙන් ගත්තු නිසා ම යි එහෙම වුනේ. බඩේ හමයි, කොඳු ඇට පේළියයි එකට ඇලිලා ගියා. මං වැසිකිළි, කැසිකිළි යන්න හදන කොට එතන ම යටිකුරුව වැටුනා. පින්වත් අග්ගිවෙස්සන, මේ ශරීරයේ අත පය මං පිරිමදින කොට, ඇඟේ මවිල්වල මුල් දිරලා, ඒ මවිල් ගැලවිලා වැටෙනවා. ආහාර අඩු නිසා ම යි එහෙම වුනේ…..”
“………. පින්වත් අග්ගිවෙස්සන, මිනිස්සු මාව දැකල මෙහෙම කියනවා. “ආ! දැන් මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ හරි කළුයි.” එතකොට තවත් මිනිස්සු මෙහෙම කියනවා. “නෑ! ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කළු නෑ. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ රත්තරන් පාටයි.” එතකොට තවත් මිනිස්සු මෙහෙම කියනවා. “නෑ! ශ්‍රමණ ගෞතමයන් වහන්සේ තළෙලු පාටයි.” පින්වත් අග්ගිවෙස්සන, ඒ සා පිරිසිදුවට බැබලුන මගේ හමේ පාට පවා ආහාර අඩුකමින් පිච්චිලා ගියා……..”
“….අග්ගිවෙස්සන, එතකොට මට මෙහෙම හිතුනා. ‛අතීතයේ යම්කිසි ශ්‍රමණ බ්‍රාහ්මණයෙක් හිතාමතා ම යම් තියුණු වූ දුක් කම්කටොළු වේදනා වින්දා ද, ඒ විඳින්න තියෙන්නෙත් මෙච්චර තමයි. මීට වඩා වැඩි දෙයක් නෑ. ඒ වගේ ම අනාගතයේ පහළ වන යම්කිසි ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් හිටියොත් ඒ උදවියත් හිතාමතා ම තියුණු කටුක වූ දුක් වේදනා විඳිනවා නම්, ඒ විඳින්න තියෙන්නෙත් මෙච්චර තමයි. මීට වැඩි දෙයක් නෑ. වර්තමානයේ යම් කිසි ශ්‍රමණ බ්‍රාහ්මණවරු තියුණු වූ, කටුක වූ දුක් හිතා මතා ම විඳිනවා නම් ඒ විඳින්න තියෙන්නෙත් මෙච්චර තමයි. මීට වැඩි දෙයක් නෑ. නමුත් මේ සා, පීඩාකාරී දුෂ්කර ක්‍රියාවක යෙදිලත් මිනිස් ස්වභාවය ඉක්මවා ගිය ශ්‍රේෂ්ඨ වූ ඤාණ දර්ශන කිසිවක් මට අවබෝධ කරගන්න බැරුව ගියා. සත්‍යාවබෝධයට වෙනත් මාර්ගයක් තියෙනවා වත් ද?’ කියල…..”
“….. එතකොට පින්වත් අග්ගිවෙස්සන, මට මෙහෙම හිතුන. ‛හරි! මට මතකයි. අපේ පිය රජතුමා කමතේ වැඩකරද්දි, මං සීතල දඹරුක් සෙවනෙ සිටියා මතකයි. මං එදා කාමයන්ගෙන් වෙන්ව, අකුසල්වලින් වෙන්ව, විතර්ක විචාර සහිත, මානසික විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති පළවෙනි ධ්‍යානය ලබාගෙන වාසය කළා මතකයි. සත්‍යාවබෝධයට මාර්ගය මේකවත් ද? කියල. පින්වත් අග්ගිවෙස්සන, මං ඔය විදිහට සිහිකරද්දි මෙන්න මේ දැනීම ඇති වුනා ‛හරි! මේක ම තමයි මාර්ගය’ කියලා…….”
“……….එතකොට පින්වත් අග්ගිවෙස්සන, මට මෙහෙම හිතුනා. ‛ඇත්තෙන් ම මං මොකට ද ඒ සැපයට භය වෙන්නෙ. අනික ඒ සැපය කාමයන්ගෙන් වෙන් වූ අකුසලයන්ගෙන් වෙන් වූ සැපයක් නෙව’ කියලා………..”
“……..එතකොට පින්වත් අග්ගිවෙස්සන, මට මෙහෙම හිතුනා. ‛ඔව්! මං මේ සැපයට භය වෙන්නෙ නෑ. මේ සැපය කාමයන් ගෙන් වෙන් වූ, අකුසලයන්ගෙන් වෙන් වෙච්ච එකක්. ඊළඟට පින්වත් අග්ගිවෙස්සන, මට මේ විදිහට හිතුනා. මෙහෙම දුර්වල වෙච්ච කයක් තියාගෙන මං ඒ සැපය ලබන එක ලේසි දෙයක් නම් නො වෙයි. මං ටිකෙන් ටික, බත් වෑංජන තියෙන ආහාර ගන්න ඕන. ඉතින් පින්වත් අග්ගිවෙස්සන, මං බත් වෑංජන වලින් යුතු ආහාර වළඳන්න පටන් ගත්තා. ඒ වෙන කොට පින්වත් අග්ගිවෙස්සන, මට භික්ෂූන් පස් නමක් උපස්ථාන කර කර හිටියා. ‛ශ්‍රමණ ගෞතමයන් වහන්සේ යම් ධර්මයක් අවබෝධ කරයි නම් ඒ ධර්මය අපටත් කියා දේවි’ කියලා. නමුත් පින්වත් අග්ගිවෙස්සන, මං බත් වෑංජන තියෙන ආහාර වළඳන්න පටන් ගත්තා ම ඒ භික්ෂූන් පස් නම මං ගැන කළකිරුනා. ‛වැඩක් නෑ! ශ්‍රමණ ගෞතමයන් වහන්සේ සැප බහුල කරගත්තා. වීරිය කණපිට හැරුනා. සැප බහුල පැත්තට ම කැරකිල ගියා’ කියල මාව අත්හැරලා ගියා……”
Friday, December 26, 2008
Thursday, December 18, 2008
නිවණ සොයා.......1
බුදුන් දවස සිටි දාර්ශනිකයින් අතරෙන් වේද ශාස්ත්‍රයන්හි නිරත වූවෝ සම්ප්‍රදායික වේද, යාග හෝම ආදී ආගමික ක්‍රියාවන්හි නිරත වූහ. ඔවුන්ගේ විශ්වාසය වූයේ ලොව පාලනය කරන්නේ දෙවියන් බවය. ශ්‍රමණ දාර්ශනිකයින් ඊට වඩා වෙනස් 'නිදහස්' මත දරන්නෝ වූහ. එක් එක් ශ්‍රමණ පාර්ශවයන්ගේ මතාන්තර ස්වල්ප වශයෙන් හෝ එකිනෙකට වෙනස් විය. සමහර මතාන්තර බොහෝ දුරට සමාන විය. ඒ සියලුම ශ්‍රමණයින් භාවනා ක්‍රම, ශරීරයට වද හිංසා පමුනුවා 'පව් ගෙවා දැමීම' ආදී කටයුතු සඳහා තමා ජීවත් වන සුඛෝපභෝගී ජීවිතය අතහැර වනගත දිවිපෙවෙතක් ගතකලයුතු බව විශ්වාස කලහ. බෝසතානන් වහන්සේ තමන් වහන්සේ ගත කල සුඛෝපභෝගී ජීවිතය අතහැර වයෝවෘද වීම, රෝගී වීම සහ මරණයෙන් ගැලවීම යන දුක් කන්දරාවෙන් මිදීමට වනගත වූයේ එකල දඹදිව පැවති "ශ්‍රමණ" සම්ප්‍රදාය අනුගමනය කරමිනි.
වෙද හා ශ්‍රමණ දෙපාර්ශවයේ මතාන්තර මෙසේ විය.....
වේද ශ්‍රාස්ත්‍රමතධාරීහු, මරණින් මතු ජීවිතයක් ඇති බව විශ්වාස කලහ. එක් මනුශ්‍යයෙක් කල්ප ගනන් යම් කිසි අන්දමට පැවතී සිට මිනිස් ලොවට පැමිණ මරණින් මතුද ආපසු පෙර සිටි පරිදි තවත් කල්ප ගනනක් ජීවත් වන බව විශ්වාස කලහ. නමුත් එක් එක් ජීවිත වෙනස් වීමට හෝ එකලෙසටම පැවතීමට පුලුවන් බවටත් මතයක් විය. මහ බෝසතානන් උපන් සමයය වන විට, තාරකා ශාස්ත්‍රය පිලිබඳව මනා දැනුමක් දඹදිව පැවති හෙයින් පෙර සඳහන් කල මතාන්තරය තරමක් දුරට දෙදරා තිබින. සමහර දාර්ශනිකයෝ යම් කෙනෙකුගේ මරණින් මතු ජීවිතය මේ ජීවිතය ගෙවන අන්දමට හේතුඵල දහමකට අනුව සිදුවන බවද විශ්වාස කලහ. මෙවන් විවිධ මතධාරීන්ගෙන් දඹදිව් තලය පිරී තිබුනි. ඔවුන් සැම දෙනාම 'සැනසීම' සොයන්නෝ වූහ. මේ සඳහා වේද ශ්‍රාස්ත්‍රධාරීන් යාග හෝම, අහිංසක සතුන් බිලි දීම ආදී වූ ක්‍රියාවන්හි නිරත වූහ.
ජෛනාගම්කාරයෝ (ශ්‍රමණ කොටසක්)වෙනම මතයක් දරන්නෝ වූහ. මේ ජීවිතයේ සිදුකරන ක්‍රියාවන්ගෙන් 'ආසාවල්' ඉපදෙන බවත්, ආසාවල් මර්දනය කිරීමට කිසිම කටයුත්තක් නොකල යුතු බවත්, බඩගින්නේ මිය යාමෙන් ආත්මය ගැලවෙන බවත් ඔවුන් විශ්වාස කලහ.
මේ එකල දඹදිව ප්‍රචලිතව තිබූ මතාන්තරයන්ගෙන් ස්වල්පයෙකි. මහ බෝසතානන් වහන්සේගේ සත්‍යය ගවේශණය උත්තරීතර පර්යේශණයකි. උන්වහන්සේට වැරදුනු අවස්ථාද නැත්තේ නොවේ.
ප්‍රථම වශයෙන් උන්වහන්සේ අලාරකාලාම තවුසා ගැන සිතා බැලූ සේක.
මේ සියල්ල සලකා බැලූ බෝසතානන් වහන්සේ ආලාරකාලාම තවුසා ලඟට යාමට තීරණය කල සේක.
අරියපරියේසන සූත්‍රයේ (මජ්ජිම නිකාය 26) බුදු රජානන්වහන්සේ මෙසේ සඳහන් කොට ඇත. මේ බුද්ධ වචනමය.
"ආලාර කාලාම තාපසයානන් හමුවී 'ආයුෂ්මත් කාලාමයෙනි මම ඔබගේ ධර්මය ඉගෙනීමට කැමැත්තෙමි...' එතකොට කාලාමයන් මට කිව්වා, ආයුෂ්මත්නි, එසේනම් මේ ධර්මයෙහි හැසිරෙමින් බඹසර වාසය කරන්න. ඉක්මනින්ම ඔබට මේ ධර්මය සාක්ෂාත් කරන්නට පුලුවන්.' ඉතා ඉක්මනින් ඒ ධර්මය මම ඉගෙන ගත්තා. ඔවුන් තොල් සොලවන පමනින් කියන්නේ කුමක්දැයි මා වටහා ගත්තා.
ආලාර කාලාමයන් ලඟ සිටි අනෙක් අයත් ඒ බව කියන්න පටන් ගත්තා. ආ එතකොට මට මෙහෙම අදහසක් සිතට ආවා. ආලාර කාලාමයන් මේ ධර්මය ශ්‍රද්ධාවෙන් පමණක් නොවෙයි මේ දේශනා කරන්නෙ, එතුමා ධරමය ගැන අවබෝධයක් තියෙන කෙනෙක්. මටත් ඒ වගේම අවබෝධයක් තියෙනව. මම ආලාර කාලාමයන්ගෙන් ඇහුවා, ආයුෂ්මත් කාලාමයෙනි, ඔබගේ ධර්මය කොපමණ දුරට තියෙනවද කියල. එතුමා එතකොට මට සමාධි ගැන විස්තර කරලා ආකිඤ්චඤ්ඤායතන සමාධිය දක්වා විස්තර කලා.
එතකොට මට මෙහෙම සිතිවිල්ලක් සිතට ආවා. අලාරකාලාමට පමණක් නොව මටද වීර්යය, සිහිය, සමාධිය, ප්‍රඥාව සහ නුවන මටත් තියෙනවා. මම මේ ධර්මය ඉක්මනටම ඉගෙන ගන්න මහන්සි ගන්න ඕන....ඒ වගේම මට ඒ ධර්මය අවබෝධ කරගෙන එහි වාසය කරන්න පුලුවන් උනා. ….” ආයෙත් මම කාලාමයන් ලඟට ගිහින් ඔබ දන්නේ ඔය තරම පමනදැයි ඇසුවා. කාලාමයන් එතකොට එපමන තමයි කිව්වා. මම එතකොට කිව්ව, ආයුෂ්මත් කාලාමයෙනි, මමත් ඒ ධර්මය ශාක්ෂාත් කරගෙන ඉන්නවා කියල. ඔන්න එතකොට කාලාමයන් මට පුදපූජා තියල මේක හරිම ලාභයක්, ඔබත් මමත් මේ පිරිස බෙදාගෙන ඉඳිමු කියල......" නමුත් මේ ධර්මයෙන් මම සොයන නිවන ලැබෙන්නෙ නැහැ. ආකිඤ්චඤ්ඤායතනයේ උපතක් ලබන්නට විතරයි පුලුවන් වෙන්නෙ කියල මට සිතුවිල්ලක් සිතට ආව....." මේ ධර්මයෙන් අවබෝධයෙන් කලකිරීමකට හේතු වෙන්නෙ නැහැ, ඇලීම ගැලීම නැතිවෙන්නෙ නැහැ, දුක නැතිවෙන්නෙ නැහැ, ශෝකය දුර ලන්න බැහැ, විශේෂ ඥාණයක් ඉන් ලබන්න බැහැ, ඉතින් මම සොයන නිවන නැති නිසා මට එයින් වැඩක් නැහැ. ඉතින් ඒ ආරාමය දාලා ගියා. කුසල් කියන්නෙ මොනවද කියල මට හොයා ගන්න ඕන වුනා. ඊට පස්සෙ මම ගියා උද්දක රාම පුත්‍ර ලඟට. ගිහින් එතුමාට කිව්වා ඔබගේ ධර්මයේ හැසිරෙන්න කැමතියි කියල. රාම පුත්‍ර මට එයා දන්න දේවල් ඉගැන්වුවා. මම ඉතා ඉක්මනට රාමපුත්‍රයන්ගේ ධර්මය ඉගෙන ගත්තා. එතුමාගේ ධර්මය උනත් තිබුනේ නේවසඤ්ඤානාසඤ්ඤායතනය දක්වා පමනයි. මම සොයන අමා මහ නිවන රාම පුත්‍ර ලඟ ඉඳගෙන ලැබෙන්නෙ නැතිනිසා රාම පුත්‍රව අතහැරල නැවතත් මහ මඟට බැස්සා."

Saturday, December 13, 2008
මහාබිනිෂ්ක්‍රමණය
මහ බෝසතානන් වහන්සේ ගිහිගෙයින් නික්ම ගියේ ගිහිගෙය පිළිබඳව කලකිරුනු බැවිනි.
කුමන කරුනක් (නු ) නිසා උන්වහන්සේ ගිහිගෙය ගැන කලකිරුනේද? මහබිනික්මනට පෙර තුරුණු වියෙහි උන් මහබෝසතානෝ තුරුණු වියෙහි ලද හැකි ලෞකික සැප සම්පත් මනා ලෙස භුක්ති විඳින සමයෙක, රෝගියෙක්, මහල්ලෙක් සහ මලකඳක් දැකීමෙන් මහත් සේ කම්පාවට පත්වූ සේක. උන්වන්සේගේ විචාරාත්මක මනැසේ ස්වභාවයද එයින් අපට පිළිබිඹු වන්නේය. සාමාන්‍ය කෙනෙකුට එවන් දෙයක් දුටු විට ඒ සිතිවිල්ලක් පමණි. ඊලඟ සිතිවිල්ල සිත තුලට පැමිනි විට පලමු සිතිවිල්ල අමතක වී ගොස්ය.
මේ ස්වභාවයන් සැමටම පොදු බවත් ඉන් ගැලවීමක් නැති බවත් අවබෝධ වූ පසු සිය දයාබර බිරිඳ වූ යසෝදරාවත්, බිලිඳු පුත් රාහුල කුමරු ගැනත් ඉමහත් දුකක් උපන්නේය.
එලෙසම උන්වහන්සේගේ කරුණාව මුලු ලෝ වැස්සන් කෙරෙහි යොමු විය. උන්වහන්සේ ඉන් ගැලවීමේ මාර්ගය සොයා යන්නට අදිටන් කර ගත්තේ ඉන් පසුවය.
උන්වහන්සේගේ බුද්ධත්වයෙන් පසු භික්ෂූන්ට දේශනා කරන ලද සුඛමාල සූත්‍ර දේශනාවෙහි (අංගුත්තර නිකාය 3.38) මෙසේ සඳහන් වී ඇත. මේ බුද්ධ වචනමය......
“මා ගත කල ජීවිතය අතිශයින්ම සුඛෝපභෝගී විය. බරණැසින් ගෙන ආ සඳුන් හැර වෙන සඳුන් වර්ගයක් මා භාවිතා කලේ නැත. මගේ හිස්වැසුම, යට කබාය, උඩ කබාය ආදී වූ ඇඳුම්ද ගෙන ආවේ බරණැසෙනි. වැස්සෙන්, පින්නෙන්, අව්වෙන් ආරක්ෂාවීමට මගේ හිසට උඩින් ආවරණයක් සැමවිටම තිබුණි. මාගේ පියාණන් වහන්සේ මට සාදවා දුන් මාලිගාවන් තුනකි. එකක් වැසි සමයටද, තව එකෙක් සීත සමයටද, අනෙක ග්‍රීෂ්ම සමයටද විය. ඒවායේ මහනෙල් මල් පොකුණු තුනක්ද විය. එකක සුදු මහනෙල්ද, තව එකක නිල් මහනෙල්ද, අනෙකෙහි රතු මහනෙල්ද විය. කවදාවත් මට මාලිගයෙන් පිටතට යාමට සිදුවූයේ නැත. මගේ විනෝදය පිණිස සැම විටෙකම නිලියන් ගී ගයමින් රඟ පාමින් උන්හ. ඒ අතර කිසිදු පිරිමියෙක් නොවීය.
තතු මෙසේ වුවද, මේ සැවොම කවදා හෝ මහලු බවට පත් වන බව සිහිවූ පසු, මගේ තරුණ මදය වියැලී ගියේය.
එසේම, මෙතරම් සැප සම්පත් මා අනුභව කලත් මේ සැවොම, රෝගී ස්වභායට පැමිණිය හැකි බව සිහි වූ විට මා තුල පැවති නිරෝගී මදයද වියැලී ගියේය.
එලෙසම, මේ කොතරම් සැප සම්පත් තිබුනත්, කවදා හෝ මේ සැවොම මිය යන බව සිහි වූ විට මා අතිශයින්ම කම්පා විය. ජීවිතයේ අවිනිශ්චිත බවත් මෙයට පිලියමක් සොයා යාමටත් මට සිත් විය......
පසු කලෙක, වැඩිහිටි විරෝධතා මධ්‍යයේ, මා තාරුණ්‍යයේ අගතැන් පත්ව සිටියදී, රැවුලත් හිසත් මුඩුකොට, කසාවන් සිවුරු හැඳ, ගිහිගෙය හැර ගියෙමි....................
අරියපරියේසන සූත්‍රය ( මජ්ජිම නිකාය 26 )”
සමහර විචාරකයෝ (විශේෂයෙන්ම බටහිර) මහබෝසතාන්ගේ ගිහිගෙය හැරයාම විවිධාකාර ව්ලින් විවේචනය කරති. රාහුල කුමාරයාත්, තුරුණු වියෙහි පසුවන යසෝදරාවත් හැරයාම ආත්මාර්ථකාමී බවක් ලෙස හුවා දක්වන්නෝද සිටිති. යසෝදරාවගේ පියාණෝ, සුප්පබුද්ධ රජතුමාද එම ගණයට වැටේ.
නමුත් මහබෝසතානෝ, සත්‍ය වශයෙන්ම තම පියානන් වූ සුද්ධෝදන රපතුමා යසෝදරා
කුමරිය නිසැක වශයෙන් රැක බලාගන්නා බව දැන සිටි සේක. එකල දඹදිව සමාජ තත්වය සකස් වී තිබුනේ ඒ අන්දමටය. පුරවැස්සන් ඉතාම යුක්තිගරුක, ශීලාචාර අයවලුන් වූ බව වටහා ගත හැක. සෑම සූත්‍රයකම යම්කිසි කෙනෙක් බුදු සමිඳුන් හමු වීමට ගියහොත් ප්‍රථමයෙන් සතුටු සාමීචි සාකච්ඡාවක් සිදු වූ බව සූත්‍ර පිටකයේ ලියැවී ඇත. එයින් පිළිබිඹු වන්නේ සමාජයේ තිබුණු උත්තරීතර භාවයයි.
ලොව පහල වූ උතුම් මනුෂ්‍ය රත්නයකට ද්වේශ කිරීමේ විපාකයක් වශයෙන් සුප්පබුද්ධ රප්තුමා අපාගත වූ බව බුදුසමිඳුන් දේශනා කොට ඇත.

Thursday, December 11, 2008
බුදු සමයේ දඹදිව.........
බෝසතානන් උපන්නේ උතුරු දඹදිව රාජ පරම්පාවකටය. ඉතා උසස් යයි සම්මත ශාක්‍ය වංශයේ පවුලක එතුමා උපත ලද්දේය. සමාජයීය වශයෙන් යම් පරිවර්තන කිහිපයක් මෙකල සිදුවිය. ප්‍රධාන ආර්ථික ක්‍රමය වන කෘෂිකර්මය පරයා මුදල් මත සැකැසුණු වාණිජ ක්‍රමයක ආරම්භය මෙකල සිදුවූ ප්‍රධාන සමාජ විපර්යාසය විය. ඒ සමග බිහිවූයේ නවීන 'වාණිජ' සමාජයකි. උසස් කුලවලට අයත් වැසියන්ට නවීන ආර්ථික ක්‍රම පිළිගැනීමටත්, ඒවා අත් හදා බැලීමටත් සිදු විය. පැරණි ආර්ථිකය බිඳ වැටීමත් සමගම එකල පැවති අනෙක් සමාජයීය මතාන්තර, සිද්ධාන්ත, සංස්කෘතික සහ ආගමික වත් පිලිවෙත් ආදී දෑ සියල්ලම දෙස විචාරාත්මක බලන්නට සමාජය පටන් ගත්තේය. පැරණි සම්ප්‍රදායයන්, විශ්වාස, ආගමික හා සංස්කෘතික සිද්ධාන්ත එකිනෙක බිඳවැටෙන්නටත්, නවීන මතාන්තර මතුවෙන්නටත්, නව විද්‍යාවන් බිහිවෙන්නටත් පටන් ගත්තේය. තාරකා ශාස්ත්‍රය එකල දඹදිව ප්‍රධාන විද්‍යාව විය. ග්‍රහයින් ගමන් කරන ආකාරය, සහ නවීන ගණිත ක්‍රම මගින් ඒවා පිලිබඳව අනාවැකි පහල කිරීම ආදී වශයෙන් කාලය කල්ප (aeons) ගනන් වලින් මැනීම මෙකල සිදුවූ සමාජ විපර්යාසයන්ය. එකල විසූ දාර්ශනිකයෝ, කාලානුරූපව "මිනිස් ජීවිතයේ 'පරම සුඛය' කෙසේ ලබා ගත හැකිද? යන ප්‍රශ්නයට පිළිතුරු සොයමින් සිටියහ.
මේ දාර්ශනිකයන් ප්‍රධාන් වශයෙන් දෙකොටසකට වෙන් වී තිබුණි.
1 ගතානුගතික, පුරාණ වේද ක්‍රම භාවිතා කරන බ්‍රාහ්මණයින්
2 වේද ශාස්ත්‍රයේ සත්‍යතාවය පිළිබඳව නිරතුරුවම ප්‍රශ්න නගන සමණ (ශ්‍රමණ ) නම් වූ අලුත් සංහිතාය
වේද ශාස්ත්‍රයන්හි විශ්වාසය තැබූ බ්‍රාහ්මණයෝ සම්ප්‍රදාය පරිදි ඔවුන්ගේ යාග හෝමයන්හි නිරත වූහ. ඒ ගැන විශ්වාසයක් නැති අනෙක් දාර්ශනිකයෝ (ශ්‍රමණයෝ ) නිදහස් චින්තනයෙන් යුතුව, භාවනා ආදී සිත පාලනය කිරීමේ ක්‍රියාවලින්ද, විද්‍යාත්මක චින්තන, සහ ගතානුගතික නොවූ සාක්ෂි සලකා බැලීමෙන්ද යුක්ත වූහ. මේ කාලය අතරතුර 'වේද' සහ 'ශ්‍රමණ' යන මේ කොටස් දෙක අතර සෑහෙන ප්‍රමාණයක වෙනස්කම් හා මතභේද ඇති විය.
1. මරණින් මතු පැවැත්ම:
වේද ශාස්ත්‍රධාරී බ්‍රාහ්මණයෝ උත්පත්තියට පෙර හා මරණින් මතු ජීවය එකම ස්ථානයකට රැස් වන බව විශ්වාස කලහ. පුනරුත්පත්තිය ඔවුන් විශ්වාස කලහ. ශ්‍රමණයෝ පුනරුත්පත්තිය විශ්වාස කල අතර එකම තැනකට ජීවය එක්වන බව විශ්වාස නොකලහ. ජීවත්ව සිටිද්දී තමන්ගේ ක්‍රියාවන් අනුව එය වෙනස් වන බව විශ්වාස කලහ.
2. ලෝකායතනයන් යන නමින් තවත් කොටසක් විය. ඔවුන්ගේ විශ්වාසය මරණින් ජීවිතය කෙලවර වන බවත් මෙලොව සැපත බලාපොරොත්තු විය හැකි එකම සැපත බවත් කාමාසාවන්හි ඇලී ගැලී වාසය කලයුතු බව ඔවුන්ගේ විශ්වාසය විය.
3. මේ ජීවිතය ගත කරන විට සිදුකරන ක්‍රියාවන් මරණින් මතු බලපාන බව ලෝකායතනයන් හැර අන් සියලුම දාර්ශනිකයෝ විශ්වාස කලහ. (හේතු ඵල දහම)
හේතු ඵල දහම බලපාන හැටි එකිනෙකා අතර වෙනස් විය.
සිදුහත් කුමරුන්ගේ මහාබිනිෂ්ක්‍රමණය මේ සියලුම කරුණු සලකා බැලීමෙන් සිදුවූ බවට සිතා ගත හැක.

Subscribe to:
Posts (Atom)